කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
ප්‍රේමයේ බැම්ම.
"මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවියන්වහන්සේද නුඹ ගැන ප්‍රීතිමත් වනසේක"
- යෙසායා 62:5
පටන් ගැනීමේදී දෙවියන්වහන්සේ උන්වහන්සේගේම ස්වරූපයට අනුව මනුෂ්‍යය වර්ගයා සාදා මවණු ලැබූවා පමණක් නොව නුමුත් උන්වහන්සේ ඔවුනට පොළොවේ සියලු බලය සහ අධිකාරිය පවා පැවරූ බවත් බයිබලයේ ඇති වාර්තා පෙන්වාදෙයි. එසේ කිරීමට මුල්වන්නේ අප කෙරෙහි ඇති උන්වහන්සේගේ "ප්‍රේමය" බව දේවවචනය පැහැදිළිව කියා සිටියි.
දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන සඳහන් දේවවචනය දෙස බලද්දී එය පෙන්වාදෙන ඊළඟ වැදගත් කාරණය වන්නේ, ආදම් සහ ඒවා ගේ අකීකරුකම හේතුවෙන් පව්කාර ස්වභාවය උරුමකරගැනීමෙන් පසුව පවා මිනිස් වර්ගයා කෙරෙහි තිබුන උන්වහන්සේගේ ඒ "පළමු ප්‍රේමය" කිසි ආකාරයකින්වත් වෙනස් නොවුන කාරණයයි.
මිනිස් වර්ගයා කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ මේ අවංක ප්‍රේමයේ ගැඹුර ගැන පාවුල් තුමා විසින් කර ඇති විස්තර කිරීමක් රෝම පොතේ මෙසේ දැකිය හැකියි.
"මරණයටවත්, ජීවනයටවත්, දුතයන්ටවත්, අධිපතිකම්වලටවත්, මතු පැමිණෙන දේවලටවත්, දැන් පවතින දේවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන්කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් වහන්සේ තුල ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කිරීමට කිසිවකවටත් නොහැකිය." -රෝම 8:30
මිනිසා වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ මේ අතිවිශාල ප්‍රේමය වෙනුවෙන් දෙවියන්වහන්සේ විසින් කියන ළද මෙන්ම කරන ළද තවත් බොහෝ දේ ගැනත් ලියා ඇති වාර්තා විශාල ලෙසින් බයිබලයේ දැකීමට හැකි වුවත්, ඒ අතරින් මිනිස් වර්ගයා කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ මේ පුදුම බැඳීම පෙන්වාදෙන අනෙක් උතුම් ක්‍රියාව වන්නේ, පව්කාර මිනිසා වෙනුවෙන් තම ජීවිතය පුජා කිරීමේ ක්‍රියාවයි.
"මක්නිසාද දෙවියන්වහන්සේ තම ජීවිතය දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සියල්ලෝම විනාශ නොවී සදාකාල ජීවනය ලබනා පිණිසය.
- යොහාන් 3:16
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සමීප ගෝලයෙකු වූ යොහාන් විසින් ලියන ළද ඉහත සඳහන් ප්‍රකාශය තුළ දෙවියන්වහන්සේ ඇයි අපට එසේ ප්‍රේම කරන්නේ? යන ඒ හේතුවත් පැහැදිළිව සඳහන් වෙයි. යොහාන් පෙන්වාදෙන ආකාරයට, මෙසායා නොහොත් ක්‍රිස්තුස් ලෙසින් මාංශවත් වූ දෙවියන්වහන්සේම තම ජීවිතය මිනිස් වර්ගයා වෙනුවෙන් පුජා කරන්නේ, අපගේ ආත්මය සදාකාලයේ විනාශවී යෑමට ඉඩ නොදී ඒ වෙනුවට සදාකාල ජීවනය උරුමකර ගන්නා පිණිස බවත් එහි සඳහන් වෙයි.
පාවුල් තුමා මේ යථාර්තය රෝමයේ තිබු දේව සභාවට ගැඹුරින් විස්තර කරදී ඇති බව රෝම පොත කියවන විටදී පැහැදිළිව පෙනෙයි.
" ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පුජාවක් වෙන්නට දෙවියන්වහන්සේ නියමකළ සේක. එසේ කළේ කුමටද? දෙවියන්වහන්සේ තම ප්‍රේමය නිසා,
පසුගිය පව් ගණන් නොගෙන හැරීම කරණකොටගෙන තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය. එබැවින් ඔවුහු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිළයේ
ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති. " -රෝම 24-25
ආදම් සහ ඒවාගේ අකීකරුකම මිනිස් වර්ගයා සහ දෙවියන්වහන්සේ අතර වෙන්වීමක් ඇතිකරන්නේ පාපය යන බෙදීමයි. එය දෙවියන්වහසේගෙන් අපව වෙන්කිරීමට සමත්වූ අතර පාපයේ දඬුවම ලෙසින් අප ශාරීරික මරණය පමණක් නොව නුමුත් අවසානයේ ආත්මිකවද සදාකාල දඬුවමට පත්කරනු ලැබ සිටින බවත් දේව වචනය කියා සිටියි. එයින් මිදී යෑමට හැකි වෙනත් මඟක් මිනිසාට නොවීමේ හේතුව එසේ තම ජීවිතය මිනිස් වර්ගයාගේ ආත්මික ගැළවීම වෙනුවෙන් පුජාවිමට සැලැස්වූ හේතුව බව බයිබලයේ ඇති ඉගැන්වීම එළිදරව් කරසිටියි.
මිනිස් වර්ගයා කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ මේ ප්‍රේමය දෙස දෙවියන්වහන්සේගේ පැත්තෙන් බැලීමේදී පෙනෙන්නේ, එය අපගේ ආත්මය සදාකාල විනාශයෙන් මුදවා ගනු පිණිසත් එසේම පාපය නමැති ඒ බලවේගයෙන් මිදි ඒ වෙනුවට උන්වහන්සේ සපයාදෙන ධර්මිෂ්ඨකම තුළින් මොළොව ජීවිතය පමණක් නොව නුමුත් මරණයෙන් මතුවට ඇති ඒ ආත්මික ජීවිතය පවා ජයගැනීම වෙනුවෙනනුත් සපයා දුන් එකක් හැටියටයි.
ඒ නුමුත් මොළොව ජිවත්වන අපගේ පුද්ගලික ජිවිත ගැන අපේ පැත්තෙන් බැලීමේදී පෙනෙන්නේ, ධර්මිෂ්ඨකමට වඩා අපි අපගේම පුද්ගලික පරමාර්ථයන් කෙසේ හෝ ලඟා කරගෙන ජීවත්වීමටත් එසේම අපගේ ස්වකීය ප්‍රර්ථනා කෙසේ හෝ මුදුන්පත් කරගෙන දිගින් දිගටම පාපයේම ඇලී ගැලී ජිවත්වීමටත් කැමැති අපගේ පව්කාර මිනිස් ස්වභාවයයි.
එයට මුල්වන එක හේතුවක් වන්නේ; දෙවියන්වහන්සේගේ ප්‍රේමය "බලෙන් ලබා දීමට" නොහැකි එකක් වීමයි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම දෙස බැලීමේදී පවා උන්වහන්සේද අප කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ ඒ උතුම් ප්‍රේමය ගැන ගැඹුරින් කතා කර තිබුණත්, එසේම ඒ සත්‍යය වටහාදෙන පිණිස උන්වහන්සේ ඒ ගැන උපමා කථාවන් පවා යොදාගෙන තිබුණත්; ඒ සියල්ල අවසානයේදී යේසුස් වහන්සේ දෙවියන්වහන්සේගේ ඒ උතුම් "ප්‍රේමය" යමෙකුට බලෙන් ලබාදීමට ගත් උත්සාහක් ගැන සඳහනක් හෝ එවැනි අවස්තාවක් ගැන ලියවුන වාර්තාවක් හෝ දැකීමට හැකි නොවන්නේද, දෙවියන්වහන්සේගේ ප්‍රේමය කිසිවෙකුටත් බලෙන් ලබාදීමට හැකි එකක් නොවීම වීමයි.
එබැවින් ඒ ගැන සඳහන් වන සෑම අවස්ථාවක අවසානයේදී දැකිය හැක්කේ, ඒ ප්‍රේමය ලබාගන්නා පිණිස දෙවියන්වහන්සේට කීකරුවන්න තීරණය කරන්න කියා කියන ඉල්ලීම හෝ ඒ වෙනුවෙන් උන්වහන්සේට හදවත් බාරදෙන්න කියා කරන ආරාධනා පමණි.
අපගේ ආත්මික ජිවිතයේ මතු දියුණුව වෙනුවෙන් කීකරුව පවත්වන පිණිස දෙවියන්වහන්සේ විසින් "නුඹේ මුළු හදවතින්ද , නුඹේ මුළු ආත්මයෙන්ද , නුඹේ මුළු මනසින්ද , නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව" යනුවෙන් දී තිබෙන ඒ ආඥාව ගැන අවබෝධයක් ඇදහිලිවන්තයන් වන අපට තිබුණත්, එයට කිකරුවී එය පැවැත්වීමේ හැකියාව අපට නොමැත්තේ අප තුළ ඇති පව්කාර ස්වභාවයයි. එසේම දෙවියන්වහන්සේ විසින් දෙන ලද මේ ආඥාවට කීකරුවන්න යැයි කියා ඒ ගැන අපගේ සිතට නීති පැනවීමක් කිරීමටත් අපට නොහැක්කේද සිත අපගේම වුවත් එය පාළනය කිරීමේ හැකියාව අප සතු නොවීමයි. පාපිෂ්ඨ ස්වභාවය ඒ සඳහාද හරස්වී ක්‍රියා කරයි.
මිනිසුන් වන අප ස්වාධීන වන බැවින් පිළිපැදීමට බලකරමින් නීති පැනවීමක් අපගේම සිතට වුවත් අපට කළහැකි නොවෙයි. සිත අපේම වුවත්, එහි සියලු බලපෑමද අප අතේම රැඳී තිබුණත්, අපට අයිති අපගේම සිතට වුණත් කීකරුවන්න කියා හෝ කීකරුවී සිටින්න කියා නීති පැනවීමක් අප වෙනුවෙන් අපටම කළ නොහැකි නිසා, දේව ආඥාව පිළිපැදීමේදී පවා ඒවාට කීකරුවිමට කැමතිනම්, පළමුවෙන්ම ඒ ගැන අපිට තීරණයක් අරගැනීමට සිදුවන්නේ එසේ නොකර අපේ සිත කිසිවිටෙකත් ඉබේම යහපත්වී ක්‍රියා නොකරණ හේතුව නිසායි..
සිත සැමවිටම ක්‍රියාත්මක වන්නේ හිතු මතේටයි. එයින් අදහස් කෙරෙන්නේ එය නිදහස්ව ක්‍රියාවට නැගෙන යථාර්තයයි. හේතුව අපගේ පෙළඹවීමක් නොමැතිව සිත සිතේ කැමැත්ත උඩ ක්‍රියාවට නැගෙයි. බොහෝවිට ඇසට ප්‍රියව පෙනෙන දේ කෙරෙහි සිත දුවයන්නේත් ඒ නිසායි. නුමුත් මෙහිදී ඒ ක්‍රියාවන් නොකර සිටීමට අපට නොහැක්කේ පව්කාර ස්වභාවයද අපව පාපයටම පොළොඹවන හේතුවයි. ඒ නිසා පාපයෙන් මිදිජිවත්වීමට කැමති නම් ඒ වෙනුවෙන් දෙවියන්වහන්සේට කීකරුවිමට තීරණයක් ගැනීමට සිදුවෙයි. පාපයටම දිවයන සිතේ කැමැත්ත අතහැර දැමීමටත් ඒ වෙනුවට දෙවියන්වහන්සේ සපයාදෙන පව්සමාව පිළිගෙන ඒ තුළින් හදවත වෙනස් කරගැනීම වෙනුවෙන් තීරණයක් අරගැනීමට සිදුවෙයි. එසේම ඉන්පසු ඒ තීරණය පවත්වාගෙන යාමටත් දිනපතා ඒ ගැන මහන්සිවිය වියයුතු වන්නේ සිත වෙනස්වන සුළු එකක්ද වන හේතුව උඩයි.
ඒ ගැන උදාහරනයක් ලෙසින් ආදම් සහ ඒවා ගේ ක්‍රියාවද ගත හැකියි. දෙවියන්වහන්සේ විසින් ඔවුන්ට කළ හැකි දේවල් ගැන මෙන්ම නොකරන්න කියා කරණ ළද ආඥාව ගැන පවා පැහැදිලි අවබෝධයක් තිබුණත්, ඔවුන්ද ඔවුන්ගේ සිතට හරිව පෙනුනදේ කිරීමට යොමු වන්නේත් ආඥාව ගැනත් හොඳින් දැනගෙනයි. එසේම දෙවියන්වහන්සේ ඔවුන්ගේ සිත හෝ ස්වකිය කැමැත්ත පාළනය නොකළ බවත් ඒ ගැන ඇති වාර්තා පෙන්වාදෙයි. මෙහිදී ඔවුන්ද තම ඇසට ප්‍රියව පෙනුණ දේ තෝරාගෙන තම සිතේ කැමැත්තට ඉඩදී කටයුතු කරන්නේද, ප්‍රතිඵලය ගැන සිතනවාට වඩා සිතේ කැමැත්ත කිරීමට ඇති කැමැත්ත උඩයි.
මිනිස් ජීවිතයේදී මෙන්ම එදිනෙදා අප කරන කියන සියල්ල කෙරෙහි පවා තීරණ අරගැනීම ප්‍රධාන වන්නේ, අපගේ එදිනෙදා ජීවිතය සහ අප කරන කියන සියල්ලද අප ගන්නා ඒ තීරණ මත රැඳී තබෙන හේතුව උඩයි. එබැවින් දෙවියන්වහන්සේ අනුගමනය කිරීමට යාමේදී පවා මේ ප්‍රතිපත්තිය එකසේ ජිවිතයට බලපායි. දේව වචනය පිළිගැනීමට හෝ දෙවියන්වහන්සේට කීකරුව ජීවත්වීමට හෝ අප පුද්ගලිකව ඒ ගැන තීරණයක් අරනොගන්නා විට සිදුවන්නේද, තීරණයක් නොමැති විට සිත ඉබාගාතේ යන්නාක් මෙන් දෙවියන්ට කීකරුව ජීවත්වීමත් අප අතින් කඩවීමට ලක්වීමයි. ඊට අමතරව මිනිසුන් වන අප ස්වභාවයෙන්ම මාගේ කැමැත්ත පමණක් ගැන සිතමින් ආර්ත්මාර්ථ කාමිව ක්‍රියා කිරීමේ ස්වභාවයත් තත්වය අශුභවාදී තත්වයකට ඇදදමයි.
අපේ සිත ගැන හෝ අපගේ සිතින් උපදින කල්ක්‍රියාවන් ගැන හෝ අපට කීකරුකමක් හෝ යම් ආකාරයක පාලනයක් හෝ වගකීමක් නොමැති විට සිදුවන්නේ, අපි සිතේ කැමැත්තට ඉඩදී ඔහේ කටයුතු කරන මිනිසුන් ලෙසින් ජීවත්වීමට පෙළඹීමයි. සිත අපේම වූවත්, එහි බලපැවැත්ම අප අතේම රැඳී තිබුණත්, අපට අයිති අපගේම සිතට නීතියක් පණවා ඒ තුළ ක්‍රියා කරන්න කියා අපට සිතට දම්වැල් දැමීමට නොහැකි නිසා, ඒ හේතුව සැමවිටම අප එකිනෙකා අයාලේ යෑමටත් හිතු මතේ ජිවිතේ වැනි ජීවතයක් ගෙන යාමටත් මඟ පාදයි. ඒ නිසාම සිතද සැමවිටම "කීකරුකම" වෙනුවට සිතේ "කැමැත්තට" මුල්තැනදී ක්‍රියා කිරීමටත් අපව පොළොඹවයි.
නුමුත් එයින් අදහස් කෙරෙන්නේ, අපට අපගේ මේ ජිවිතය පාළනය කරගැනීමේ හැකියාව නොමැත කියා පැවසීම නොවෙයි. ඕනෑම වාහනයක සුක්කානම පාවිච්චියට නොගෙන එය මාර්ගයේ පැදයාමට උත්සාහ කරද්දී එය මාර්ගයෙන් ඉවතට පැනයනවා වාගේම, අප ඉඩහරින්නේ නම් පමණක් අපගේ සිතත් සැමවිටම සිතට ඕනෑ විදියට නිදහසේ මෙන්ම හිතුමතේද ක්‍රියා කිරීමට යොමුවන බව පමණක් පැවසීමයි.
මිනිසා ගැන පමණක් නොව නුමුත් මිනිසාගේ ස්වභාවය ගැනත් බොහෝදේ දේව වචනයේ සඳහන් වී ඇත්තේ දෙවියන්වහන්සේම මිනිසාගේ මැවුම්කාරයාණෝද වන හේතුවයි. මිනිසාගේ ස්වභාවය ගැන ලියවී ඇති කාරණා ගැන සොයා බැලීමේදී, මිනිසාගේ "සිත" සැමවිටම සිතට කැමතිදේ පමණක් කිරීමට උනන්දුවෙන් ක්‍රියා කළත් දේව වචනය ඒ ගැන පවසා ඇත්තේ; අපගේ හදවතට එය හික්මවා ගැනීමේ හැකියාව ඇති බවයි. එහි තේරුම වන්නේ අපගේ සිත හික්මවා ගෙන කටයුතු කිරීමට අපගේ හදවතට පුළුවන් බවයි. එබැවින් සිත හසුරුවා ගැනීමට කැමති නම් ඒ වෙනුවෙන් පළමුවෙන්ම අපට අපගේ හදවත සුදානම් කරගැනීමටද සිදුවෙයි.
මිනිසාගේ හදවත මෙන්ම සිතද සැමවිටම ස්වකිය කැමැත්ත උඩ පමණක් ක්‍රියාවට නැගෙන්නේ හදවත තුල ඇති පාපිෂ්ඨ ස්වභාවයද හේතු කරගෙන බවත් බයිබලය පෙන්වාදෙයි. එබැවින් පළමුවෙන්ම පාපයට බරවූ අපගේ "හදවත" එයින් මුදවා ගැනීමටත් දෙවියන්වහන්සේ ඉදිරියේ යහපත් එකක් බවට එය පෙරලා ගැනීමටත් අප කැමතිවිය යුතු වන්නේ එය බලෙන් හෝ ඉබේම සිදුනොවෙනා හේතුව නිසායි. එබැවින් දෙවියන්වහන්සේගේ උපකාරයෙන් අපගේ හදවත වෙනස්කර ගැනීම සඳහා අවශ්‍යය ඒ තීරණය පළමුවෙන්ම අප විසින් ගැනීමට සිදුවන්නේ ඒ තීරණය පමණක් උන්වහන්සේට අපගේ හදවත් තුළට පැමිණ ක්‍රියාකිරීමට හැකි ඉඩප්‍රස්තාව සලසාදෙන නිසායි.
නුමුත් එය අප තුල ඉබේම සිදු නොවන්නේ, මිනිසාගේ හදවත පාපය විසින් ග්‍රහණය කරගෙන තිබෙන හේතුවද බලපාන හේතුවයි. ඊට අමතරව දෙවියන්වහන්සේද අප තුළ කිසිවක් බලෙන් නොකරණ හේතුවද ඒ වෙනුවෙන් තීරණ අරගැනීමේ අවශ්‍යයතාවය මතුකරයි. අපගේ හදවත් තුළට පැමිණෙන පිණිස අප කරන අවංක ආරාධනාව පමණක් අප තුළට පැමිණීමටත් උන්වහන්සේගේ උපකාරයෙන් ඇතුලාන්තයේ සිදුවීමට පටන් ගන්නා ඒ වෙනස්වීම ක්‍රියාත්මක වීමටත් මුල්වෙයි.
අපගේ හදවත් දෙවියන්වහන්සේ යන ඒ සත්‍යය සාධකය තුළින් පාලනය වීමට නම්, පළමුවෙන්ම අපද ඒ සත්‍යය ලෙසින් පෙනීසිටින දෙවියන් ගැන පැහැදිලි අවබෝධයක් ලබාදීමට හැකි මාර්ගය වෙතට අපගේ හදවත් යොමු කිරීමද කළ යුතු වන්නේ, එය ඉබේම සිදු නොවෙනා නිසායි. "සිත" මෙන් නොව නුමුත් අපගේ "හදවත" සැමවිටම ක්‍රියාවට නැගෙන්නේ එය සත්‍යය ලෙසින් පිළිගෙන සිටින සාධක මෙන්ම සත්‍යය ලෙසින් අවබෝධකරගෙන සිටින ඉගැන්වීමට අනුවයි. ඒ අනුව හදවත සැමවිටම එය පිළිගෙන සිටින සත්‍යයට අනුව පමණක් ක්‍රියාත්මක වෙයි. එය හෘද සාක්ෂියට අනුව ජීවත්වීම යනුවෙන්ද හඳුන්වයි.
ඒ අනුව දෙවියන්වහන්සේ යන ඒ සත්‍යය නොදැන සිටින හදවත් හෘදසාක්ෂියට අනුව දෙවියන් යන ඒ සත්‍යය පිළිනොගන්නේ, ඒ ගැන නොදන්නා හේතුව උඩයි. එවිට ඒ වෙනුවට ඔවුන් වෙනත් යමක් කෙරෙහි රැඳී සිටියි. ඒ නුමුත් හදවතට සත්‍යය තෝරා බේරා දෙනවිටදී සත්‍යය පිළිගැනීමටත් අසත්‍යය ඉවත දැමීමටත් හදවත් පෙළඹෙන්නේ හෘදසාක්ෂිය ඒ වෙනුවෙන් නැගීසිටින හේතුවයි. හේතුව හෘදසාක්ෂිය සැමවිටම සත්‍යය අනුගමනය කිරීමටත් සත්‍යය සොයා දැනගැනීමටත් කැමැත්තෙන් පසුවෙයි.
මිනිසාගේ හෘද සාක්ෂිය රජයන ස්ථානය හදවතයි. එසේම හදවතද සැමවිටම හෘද සාක්ෂියත් සමග බැඳී පවතියි. ඒ අනුව හදවත සැමවිටම හෘද සාක්ෂියට අනුකූලව ඒ හා සමගින් එකට බැඳී ක්‍රියා කරයි. හදවත තීරණ අරගන්නේ හෘදසාක්ෂියේ මඟ පෙන්වීමට අනුවයි. එබැවින් අපගේ ඇතුලාන්තය වූ "හදවත" යමක් සත්‍යය ලෙසින් හෘද සාක්ෂියට අනුව පිළිගන්නා විට ඒ පණිවිඩය ඉන්පසු සිතටද දැනෙන්නට සලස්වයි. මෙසේ සිත හදවතේ සැළැස්මට කීකරු වී ක්‍රියාවට නැගෙයි. මිනිසාගේ සිතද සැමවිටම හදවත පෙන්වාදෙන ඒ සඥාවන්වලට අවනත වීමටත් ඒවා පිළිගැනීමටත් ඒවාට කීකරු වීමටත් පෙළඹෙයි.
යමෙකුගේ හදවත තුල රජයන ඒ පුද්ගලික හෘද සාක්ෂිය සිතට කතා කරන විටදී ඒ හැඟීමට අවනත වීමට සිත පෙළෙඹෙන්නේ, එය තම හදවත තුළින් හෘදසාක්ෂියට අනුව ලැබෙන සඥාවවක් වන නිසායි. හෘද සාක්ෂියට ඉහළින් යෑමේ හැකියාව සිතට තිබුණත් බොහෝවිට එය හදවතේ කැමැත්තට අනුව පාළනය කෙරෙයි.
හෘද සාක්ෂිය ගොඩනැගෙන්නේ සත්‍යය යයි හැඟෙන සාධක මුල්කරගෙනයි. නුමුත් "සිත" එසේ නොව එය කැමැත්ත මුල්කරගෙන පමණක් ක්‍රියාත්මක වෙයි. එබැවින් පළමුවෙන්ම අපගේ හදවත නමැති ඒ ඇතුලාන්තයේ සිදුවන වෙනස්කම තුලින් පමණක් අපිට අපගේ බාහිර ජිවිතයේ පුරුදු පුහුණු වෙනස්කර ගැනීමට හැකිවෙයි. එසේම හදවතින් ගනු ලබනා තීරණ හෘද සාක්ෂියට අනුව තීරණය වන අතර හදවත සත්‍යය යැයි පිළිගත් යමක් වෙනස්කර ගැනීමටත් හදවත ඒ වෙනුවෙන් හදවතට සාධාරණ යයි හැඟෙන සාධක මත ක්‍රියා කරයි. පිළිගත් ඕනෑම කාරණයක් හෘද සාක්ෂියට අනුව අසත්‍යය යැයි හදවතට හැඟෙන තෙක්ම හදවත ගත් තීරණයක් ඉක්මණින් වෙනස් නොකරයි.
නුමුත් සිත එසේ නොව එය කැමැත්ත පමණක් මුල් කරගෙන ක්‍රියාවට නැගෙන බැවින් ඒ වෙනුවෙන් සත්‍යය සොයා යෑමක් හෝ එය හෘද සාක්ෂියට අනුව හරිද වැරදිද කියා හෝ සොයා නොයයි. එබැවින් සිතේ සිතුවිළි මෙන්ම කල්පනාවන්ද ක්ෂණයකින් තීරණය වන අතරම ඒවා බොහෝවිට වෙනස්වන සුළු තත්වයේද පවතියි. සිතට සිතුන යමක් වෙනස්කර ගැනීමට අවශ්‍යය වන්නේ හැඟීම් පමණි. හැඟීම්වලට අනුව සිත සිතේ අදහස් වෙනස්කරගනියි. නුමුත් හදවත එසේ නොව එය හෘද සාක්ෂියට අනුවත් සත්‍යය සාධක මුල්කරගෙන පමණක් ක්‍රියා කරයි. එබැවින් සිතට හැඟෙන හැඟීම්වලට අනුව අපගේ "සිත" ක්‍රියා කරන අතර, සිතේ කැමැත්තද ඒ ආකාරයෙන්ම ක්ෂණයකින් වෙනස්වීම් වලටද ලක්වෙයි.
හෘද සාක්ෂියට විරුද්ධවද ක්‍රියා කිරීමේ හැකියාවද මිනිසා සතු වුවත්, එවිට එවැනි තීරණ තම හෘද සාක්ෂියට විරුද්ධව ගන්නා ඒවාද වන බැවින් බොහෝවිට ඒ ගැන අපගේම හෘද සාක්ෂිය අපගේම හදවතට විරුධව කොඳුරයි. යමෙකුගේ හෘද සාක්ෂිය තමාට විරුධව නැගීසිටින විට එයින් මිදියාමද ලෙහෙසි නොවෙයි. හෘද සාක්ෂිය අභිභවා එයට විරුද්ධව කටයුතු කිරීමට පෙළෙඹෙන්නේ හදවත් පාපයේ ග්‍රහණයට අසුවී පාපයේ වහලුන්වී ජීවත්වීමේ හේතුව උඩයි. එවැන්නන්ගේ පරමාර්ථ ආර්ත්මාර්ත කාමිත්වය මුල්කරගත් ඒවා ලෙසින් සිදුවෙයි.
"සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබෙයි.
ස්වාමින්වහන්සේ වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද,
ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස,
සිත විභාග කොට අදහස් සෝදිසි කරමි."
-යෙරෙමියා 17: 9-10
අප කරන වැරැද්ද හෝ නිවැරදි දෙය ගැන අවබෝධයක් අපට තිබෙන්නේ දෙවියන්වහන්සේ අපව හෘද සාක්ෂිය ඇතුව මවා තිබෙන හේතුවයි. නුමුත් යමෙකුට තම වැරදි ක්‍රියා ගැන හැඟීමක් නොදැනෙන්නේ නම් හෝ ඒ ගැන තම හෘද සාක්ෂිය තමාට දොස් පැවරීමක් හෝ නොකරන්නේ නම්, එය පෙන්වාදෙන්නේ ඒ පුද්ගලයාගේ "හදවත" දුෂිත වී ඇති බවයි. මෙහිදී දුෂිත යන වචනය පෙන්වාදෙන අදහස වන්නේ, සත්‍යය වෙනුවට අසත්‍යය පිළිගෙන ධර්මිෂ්ඨකම වෙනුවට අධර්මිෂ්ඨ කමට මුල්තැන දී හදවතින් කටයුතු කිරීමට පුරුදුවී සිටීම ගැනයි. ගමේ ගොඩේ මිනිසුන් මේ තත්වය පෙන්වාදෙන්නේ, හෘද සාක්ෂිය මොට්ටවී ගිය මිනිසුන්සේ ක්‍රියා කරණ මිනිසුන් ලෙසයි. මිනිස් හදවත දුෂිත වීමට මුල්වුයේ පාපය බවත් දේව වචනය පෙන්වාදෙයි. .
මොට්ටවී ඇති අපගේ හෘද සාක්‍ෂිය (දුෂිත හදවත) නැවත වතාවක් තියුණු කල හැක්කේද අප තුළ එවැනි දෙයක් තැබූ දෙවියන්වහන්සේට පමණි. එබැවින් දේව වචනයට කිකරුවී උන්වහන්සේගේ අත්වලට භාරවීම තුලින් පමණක් අපට අපගේ මොට්ටවී ගිය හෘද සාක්ෂිය නැවත වතාවක් තියුණු කරගැනීමත් හදවත තුල ධර්මිෂ්ඨකම රජයන පිණිස එය අලුත් කරගැනීමටත් හැකිවෙයි. දෙවියන්වහන්සේම විසින් ඒ වෙනුවෙන් සුදානම් කල මාර්ගය වන්නේ, යේසුස් වහන්සේ විසින් සපයන ලද පාපයට සමාව ලබා ගත හැකි කුරුසිය තුළින් සපයාදුන් සමාව ලබාගැනීමේ මාර්ගයයි. යේසුස් වහන්සේ තුලින් අපගේ පාපයට සමාවත්, සදාකාල දඬුවමින් මිදීමත් ලබාගත හැකි බව දෙවියන්වහන්සේම බයිබලයේ එළිදරව් කර සිටියි.
අප දෙවියන්වහන්සේට අපගේ හදවත බාරදී කටයුතු කිරීමේදී සිදුවන්නේ උන්වහන්සේගේ කැමැත්ත එතුල සිදුවීමට ඉඩසලසා දීමයි. එවිට දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපගේ හදවතේ අත්තිවාරමද වන බැවින් එය අපගේ හදවතට හරිදෙය කිරීමටත් හරිදෙයට කීකරුවිමටත් හරිදේය තෝරාගැනීමටත් මඟපෙන්වයි. එවැනි වෙනස්කමක් අපගේ හදවත් තුළින් මතුවීම දැකීම අපගේ කැමැත්ත නම්, ඒ තීරණය අප අතේ ඇති බව දේව වචනය පෙන්වාදෙයි.
තීරණ අරගැනීමේ ඒ වගකීම සැමවිටම අප සතු වෙයි. එය කිසි විටෙකත් අපගේ කැමැත්තට විරුද්ධව හෝ බලෙන් අප තුල සිදු නොවන්නේ මිනිසුන් වන අප ස්වාධීන පුද්ගලයන්ද වීමයි. දෙවියන්වහන්සේගේ ප්‍රේමය වුනත් බලෙන් ලබාදීමට නොහැකි වන්නේද ඒ හේතුව උඩයි.
යමෙක් දෙවියන්වහන්සේගේ සත්‍යය අනුගමනය කිරීමට හදවතට ඉඩදී තීරණ ගන්නා විට ඉන්පසු හදවත පිළිගත් ඒ සත්‍යය ක්‍රියාවට නැගීමටත් හදවත උනන්දු වෙයි. මෙසේ හදවත තුලින් ඇතිවන ඒ බලපෑම සත්‍යයට කිකරුවිමටත් හරිදේය කිරීමටත් ඉන්පසු අපගේ සිතටද බලපෑම් ඇතිකරයි. එවිට හදවතින් පමණක් නොව නුමුත් සිතින්ද කීකරුව ජීවත්වීමට එය මඟපාදා ගනියි.
මේ අදහස උදාහරණයක් ලෙස පවසන්නේ නම්, හදවතට කරුණාව දැක්වීම ගැන උපදෙස් ලැබෙන විට, හදවත ඒ ගැන සිතටද දැනෙන්නට සලස්වයි. ඒ අනුව හදවතේ බලපෑමට කීකරුව සිතද කරුණාවෙන් පිරෙයි. එවිට එහි ප්‍රතිඵලය වන්නේ, අපගේ සිතද අපගේ හදවත මෙන් කරුණාව මුල්වූ දේවල් කෙරෙහි කැමැත්ත දැක්වීමටත් පටන් ගැනීමයි. මේ ක්‍රියා ධාමයට මුල්වන්නේ පළමුවෙන්ම "හදවත වෙනස්කර ගැනීමට" අප ගත් තීරණයයි. කරුණාව දැක්වීමට ඇති අවශ්‍යයතාවය ගැන හදවත දැනුවත් කරමින් ඒ වෙනුවෙන් තීරණ අරගැනීමට කැමතිවීම නිසා දැන් සිතද හදවතට අනුව වෙනස්වී කරුණාවෙන් ක්‍රියාකිරීමට කැමැත්ත දැක්වීම එහි ප්‍රතිඵලයයි.
සිත වෙනස්වීමට මෙහිදී මුල්වුයේ හදවතේ වෙනස් වීමයි. යේසුස් වහන්සේ පවා අපගේ හදවත දෙවියන්වහන්සේට බාරදී උන්වහන්සේගේ වචනය තුලින් එය නැවත ගොඩනගා ගන්නා මෙන් ඉල්ලා සිටියේද, ආත්මික ජිවිතයේ උල්පත අපගේ හදවත වන නිසායි. මෙසේ ඇදහිලිවන්තයා දෙවියන්වහන්සේගේ මඟපෙන්වීම තුලින් මතුපිටින් පමණක් නොව නුමුත් අතුලාන්තයෙන්ද වෙනස්වූ මිනිසුන් බවට පත්වෙයි. අපගේ හදවතේ ඇතිවන මේ පෙරළිය අප දේව දරුවන් හැටියට පමණක් නොව නුමුත් උන්වහන්සේගේ ප්‍රේමය පතුරුවන සාක්ෂිකාරයන් බවටත් වෙනස්ව්කරනු ලබයි.
හදවත තුල සිදුවන මේ ක්‍රියාධාමය දෙවියන්වහන්සේගේ උපදෙස් අපගේ හදවත් තුල නොවෙනා විටත් එකසේම ක්‍රියාවට නැගෙයි. එයින් මා අදහස් කළේ, අපි දෙවියන්වහන්සේට අවනත නොවී අපගේම කැමැත්තට අනුව ජීවත්වීමේදී පවා මේ ක්‍රියාධාමය එකලෙසම සිදුවෙයි. ඒ නුමුත් එවිට සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත නොව නුමුත් එහි අනෙක් පැත්තයි. පාපය මුල්කරගත් අපගේම ආර්ත්මාර්ථකාමී අදහස් පමණක් එවිට අපගේ සිතින් පමණක් නොව නුමුත් හදවත් මුල්වී ඇති ජිවතය තුළින්ද එළිදකියි.
දෙවියන්වහන්සේගේ සත්‍යය අප හදවතේ ආත්තිවාරම නොවෙනා විටදී එය පුද්ගලික කැමැත්තට මුල්වූ දේවල් වලින් පිරෙන අතර එවිට එය පාලනය කෙරෙන්නේද එවැනි පුද්ගලික අරමුණුවල බලපෑමට අනුවයි. එවිට හරිදේය කිරීම හෝ ධර්මිෂ්ඨව ජීවත්වීම වෙනුවට අප තුලින් මතුවන්නේ අපගේ පුද්ගලික කැමැත්ත මුල්වූ ආශාවන් ඉටුකර ගැනීමේ පරමාර්ථයයි. බොහෝවිට ඒවා ආර්ත්මාර්තකම මුල්කරගත් අරමුණු පමණක් වන අතර මේ තත්වය සිතද සිතේ කැමැත්තට කැමති දෙයක් කිරීමට ඉඩසලසයි. බොහෝවිට හෘද සාක්ෂිය මොට්ටවූ මිනිසුන්සේ බොහෝදෙනෙක් ක්‍රියා කරන්නේද මේ හේතුව උඩයි.
මේ ආත්මික සම්බන්ධතාවය වචනයෙන් සවිස්තරව පැහැදිලි කළ හැකි එකක් නොවුණත් දෙවියන්වහන්සේ විසින් සදා මවනු ලැබූ මිනිසුන්වන අපගේ ඇතුලාන්තය ක්‍රියාවට නැගෙන්නේ එලෙසයි. එය අපගේ පියවි ඇසට නොපෙනුනත්, යම්කිසි පුද්ගලයෙකු දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමටත් උන්වහන්සේට තම ජීවිතය භාරදී ජීවත්වීමටත් තීරණය කිරීමේදී මේ පරිවර්තනය ඇතුලාන්තයෙන් සිදුවීමට පටන් ගනියි. ශුද්ධ ආත්මයාණන් වහන්සේ අපගේ හදවත් තුල ජීවත්වෙමින් අප තුල සිදුකරණ ආත්මික පෙරළියේ රහස එයයි.
අප කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය නොවෙනස්ව පවතින්නේ ඒ ප්‍රේමයේ මුලය වූ දෙවියන්වහන්සේද කිසිවිටෙකත් වෙනස් නොවන හේතුව උඩයි. උන්වහන්සේගේ මේ නොවෙනස් ප්‍රේමය උන්වහන්සේ සතු උන්වහන්සේගේ නොවෙනස් ස්වභාවයද පෙන්නුම් කරයි.
"ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙකු මැරෙන්නට කැමති වීම දුර්ලභය. සමහරවිට සත්පුරුෂයා උදෙසා මැරෙන්නට යමෙකු ධෛර්ය ඇතුව සිටින්නට පුළුවන.
නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ, අප පව්කාරයන්ව සිටියෙදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මැරෙන්නට සැලැස්වීම තුලින්ය.
ක්‍රිස්තුස් වහන්සේ අභක්තිකයන් උදෙසා මළසේක.
මක්නිසාද අපි සතුරන්ව සිටියෙදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමග අප සමගිකරනු ලැබුවේ නම්,
සමගි වුනාවූ අපි උන්වහන්සේ කරණකොටගෙන ගැලවීමද ලබන්නේය".
-රෝම 5: 6-11
අප දේව වචනයට අකීකරු වෙමින් උන්වහන්සේගෙන් ඈත්වී අපගේ ජිවත ගෙන ගියත්, උන්වහන්සේ අපෙන් ඈත්වූ බවක් හෝ අප වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ ඒ ප්‍රේමය වෙනස්වූ බවක් ගැන හෝ බයිබලයේ දැකීමට හැකි නොවෙයි. එයට හේතුව වන්නේ දෙවියන්වහන්සේ වෙනස් නොවන දෙවි කෙනෙකු වන හේතුවයි. එබැවින් දෙවියන්වහන්සේගේ ඒ අතිවිශාල ප්‍රේමය තුළට ලංවන පිණිස උන්වහන්සේගේ වචනයට කිකරුවෙමින් අපි අපගේ හදවත් උන්වහන්සේට බාරදෙමු. එවිට දෙවියන්වහන්සේගේ ඒ ප්‍රේමයේ බැම්ම තුළ අප ආරක්ෂා වනවා පමණක් නොව නුමුත් ප්‍රේමයෙන් සහ කරුණාවෙන් යුතුවූ ඒ සර්ව පරාක්‍රමයාණන් වහන්සේගේ සියලු ආශිර්වාදයන්ද භුක්ති විඳීමටත් හැකි මාර්ගයද අපි සොයාගන්නවා නිසැකයි.
(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /copy right ©2016- darmadasa.org)